කොරෝනා වැළදුණු අයෙකුගේ සහෝදරයා ‘කැම්පස් ‘ ඇවිත් – දින නියමයක් නැතිව විශ්ව විද්‍යාලය වසයි

යාපනය විශ්ව විද්‍යාලයේ කිළිනොච්චිය මණ්ඩපය ඊයේ (13) වනදා සවස සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. මේ මණ්ඩපයේ සිසුන් සදහා පැවැත්වීමට නියමිතව තිබූ සියලුම විභාගද දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවයි වාර්තා වන්නේ.

යාපනය විශ්ව විද්‍යාලයේ කිළිනොච්චිය මණ්ඩපයේ ඉගෙනුම ලබමින් සිටින සිසුවෙකුගේ සහෝදරයෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරණ අතර ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග මෙම තීරණය ගෙන තිබෙනවා.

කොරෝනා රෝගය වැළදුණු යුද හමුදා සාමාජිකයාගේ සහෝදරයා ගේ PCR පරීක්ෂණය සිදුකර ඇති අතර එහි ප්‍රථිපල ලැබෙන තෙක් මෙලෙස විශ්ව විද්‍යාල මණ්ඩපය තාවකාලිකව වසා තැබීමට තීරණ කළ බවයි කිළිනොච්චියේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *