මහ බැංකුවෙන් බිමට වැටුණු දරුවා සිටියේ කිසියම් මානසික ආතතියකින්!

මහ බැංකු ගොඩනැඟිල්ලේ දහසය වැනි මහලේ සිට බිමට වැටී ඉතා අවාසනාවන්ත ලෙස ඊයේ (25) දහවල් මරුමුවට පත්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති අංශයේ අධ්‍යක්ෂවරයකුගේ දරුවා කිසියම් මානසික ආතතියකින් පෙළුණු දරුවකු බවට තොරතුරු අනාවරණය වී ඇතිබෙනවා.

මෙම දරුවා පෞද්ගලික පාසලක ඉගෙනුම ලබමින් සිටින අතර දහසය වැනි මහලේ සිට බිමට වැටුණු ඔහුගේ සිරුරට දැඩි සේ හානි සිදුවී තිබූ බවද පොලිසිය සඳහන් කළා.

කොළඹ කොටුවේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැඟිල්ලේ සිට අඩි ‍ දොළහක් පමණ දුරකට සිරුර විසිවී තිබූ අතර එම සිරුරේ කොටස් ජනාධිපති මාවතේ වැටී තිබෙන අයුරු දක්නට ලැබුණා.

මෙම දරුවා මහ බැංකු ගොඩනැඟිලේ ඉහළම මහළට ගොස් බිමට පැන්නාද නොඑසේ නම් බිමට වැටුණාද යන්න පිළිබඳව සැකයක්ද මතු වී ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

මෙම දරුවා ඊයේ (25දා) පෙරවරු 11.30ට පමණ මහ බැංකුවට පැමිණ පියා මුණ ගැසීමට තුන්වැනි කුලුනෙහි පිහිටි 15 වැනි මහලට ගොස් තිබෙනවා. පාසල් නිම වූ පසු දරුවා ඇතැම් දිනවල පියා සේවය කරන කාර්යාලයට ගොස් එහි රැඳී සිටින බවද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබුණා.

මෙම දරුවා පෙ.ව. 11.30ට පමණ පියාගේ කාර්යාලයට පැමිණ පියා සමඟ පැය භාගයක් පමණ කතාබහ කරමින් එහි කල්ගත කර සිට තිබෙනවා.

පසුව සවස 2.00ට පමණ පියා සාකච්ඡාවකට සහභාගි වීමට ගොස් ඇති අතර 15 වැනි මහලේ ඇති හදිසි පිටවීමේ ‍දොරටුව හරහා දරුවා මහ බැංකු ගොඩනැඟිල්ලේ ඉහළම මහල වන 16 වැනි තට්ටුවට නැඟ තිබෙනවා.

සාමාන්‍යයෙන් මෙම තට්ටුවට නිතර නිතර ගොඩවන්නේ කාර්මික නිලධාරීන් වැනි අය යැයිද හෙළි වී තිබුණා.

කෙසේ වෙතත් සවස 2.45ත් 3.00ත් අතර කාලයේදී දරුවා 16 වැනි තට්ටුවේ සිට පහළට ඇද වැටී තිබෙනවා.

මහ බැංකුවෙන් රාජකාරි කටයුත්තක් කර ගැනීමට පැමිණි කාන්තාවක විසින් මුලින්ම ලේ විලක් මැද වැටී සිටි දරුවා දැක කෑගසා ඇති අතර ඒ අනුව අහල පහළ සිටි පිරිස් පැමිණ දරුවා රෝහලට ගෙන යෑමට උත්සාහ කළද ඒ වනවිටත් ඔහු මියගොස් සිටියා.

දරුවා මිය යෑමට පෙර පියාගේ කාර්යාලයේ ඇති පරිගණකයේ ‘Sorry’ කියා සටහනක්ද දමා තිබූ බව පසුව හෙළි වී තිබුණා.

මියගිය දරුවාට බාල නැඟණියක්ද සිටින අතර ඇයට වයස අවුරුදු දහයක් පමණ වන බවද පොලිසිය සඳහන් කළා. මෙම දරුවාගේ මව පෞද්ගලික බැංකුවක නීති නිලධාරිනියක් යැයි අනාවරණය වනවා.

මහ බැංකු අධ්‍යක්ෂගේ පුතා මරණයට පෙර ‘ෆේස්බුක් සහ ඊ-මේල් පාස්වර්ඩ්’ SMS කරලා (PHOTO)

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *