කොරෝනා දෙවැනි රැල්ලක භයානක පෙර නිමිත්තක් – යළිත් සීමා පැනවිය යුතු බවට වෛද්‍යවරුන්ගෙන් දැනුම් දීමක්

බාහිර සමාජයෙන් කොරෝනා පොකුණු නිර්මාණය වෙමින් පවතින තත්ත්වයක් නිරීක්ෂණය වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

එය කොරෝනා දෙවැනි රැල්ලක භයානක පෙර නිමිත්තක් යැයිද ඔවුන් පෙන්වා දෙනවා.

කන්දකාඩු මධ්‍යස්ථානයෙන් ආරම්භ වී තිබෙන කොරෝනා පැතිරීම මේ විට රට පුරා ස්ථාන ප්‍රදේශයක ව්‍යාප්ත වීමේ තත්ත්වයක් කෙරෙහි අවධානය යොමු කරමින් රජයේ නිලධාරීන්ගේ සංගමය විසින් මෙම අනතුර සිදු කළා.

කොරෝනා ආසාදිතයන් දෙවැනි වටයේ දී වැඩි වශයෙන් හමුවුණ ප්‍රදේශය යළිත් සංචරණ සීමා පැනවිය යුතු බව සංගමයේ අදහසයි.

පළමු අවස්ථාවේදීම නිවැරදි තීන්දු නොගන්නේ නම් යළිත් රට වසා දැමීම වැනි බරපතල තීරණ ගැනීමට සිදුවනු ඇති බවද එම සංගමය පෙන්වා දෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *