රිෂාඩ් ගේ බිරිඳගෙන් රහස් පොලිසිය ප්‍රශ්ණ කිරීමේ දී ‘හෙළිවූ’ රත්තරන් කුට්ටි ජාවාරම මෙන්න

රත්තරන් ජාවාරමකට සම්බන්ධ රුපියල් නවකෝටි අසූලක්ෂයක පොරොන්දු නෝට්ටුවක් සතොස ලිපිගොනු අතරේ තිබී හමුවීම සම්බන්ධව හිටපු ඇමැති රිෂාඩ් බදියුද්දීන්ගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (27) ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

ඊයේ (27 වැනිදා) දහවල් 11.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ඇයගෙන් පැය තුනහමාරක ප්‍රකාශයක් ලබාගෙන තිබුණා.

සතොසට අයත් ටෙන්ඩර්වලට අදාළ රහසිගත ලිපිගොනු සොයා ගත්තේ ඇමැති බදියුද්දීන්ගේ සොහොයුරාගේ ව්‍යාපාරික සගයා වන ඉම්රාන් මෙහොමඩ්ගේ තිඹිරිගස්යාය නි‌​වසින් වන අතර එහි තිබී පොරොන්දු නෝට්ටුවද සොයාගෙන තිබෙනවා.

කාන්ති කනගසිංහම් නමැති කාන්තාවක සමග රහසිගත ව්‍යාපාරික ගනුදෙනුවක් සම්බන්ධව රුපියල් නවකෝටි අසූලක්ෂයක පොරොන්දු නෝට්ටු ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

රත්තරන් කුට්ටි මිලදීගෙන රට පැටවීමේ ජාවාරමක් සම්බන්ධව මේ පිළිබඳව කළ විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

ඇමැති බදියුද්දීන්ගේ බිරිඳ අද (28 ) යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *