ගොනාකෝවිලේ රාජා ඝාතනය වීමත් සමග ප්‍රීති ඝෝෂා – පාතාලයා අවසන් ගමන් ගියේ මෙලෙසයි (PHOTO)

ගොනාකෝවිලේ රාජා හෙවත් රාජා විමලධර්ම අද අලුයම පොලිස් වෙඩි පහරකින් මරණයට පත්වීමත් සමග රත්මලාන සහ මොරටුවේ ඇතැම් ස්ථානවල ප්‍රීති ඝෝෂා නගා ඇතැම් පිරිස් සතුට පළකර ඇති බව වාර්තා වනවා.

පොලිස් නිලධාරීන් තිදෙනෙකුද ආරක්ෂාවට යොදවා සිටියදී ඇඳීරි නීතිය මැද පසුගිය 29 වැනිදා අලුයම රත්මලාන සොයිසාපුර ආපන ශාලාවකට වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර පලාගිය කල්ලියේ ප‍්‍රධාන සැකකරු වන්නේ ඔහුයි.

අංක 37 – 21 තිස්හතේවත්ත ජයසුමනාරාම මාවත රත්මලාන ලිපිනයේ පදිංචිව සිටි ඔහු ඇතුලු කල්ලියක් ඉකුත් 29 වැනිදා රත්මලානේ හෝටලයකින් රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා එය ලබා නොදීම නිසා වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර පලා යාමෙන් පසු එ දිවුලපිටිය ප‍්‍රදේශයේ සැඟවී සිටින බවට ලද තොරතුරක් අනුව පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ හා පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් අද අලූයම බල්ලපාන මරදගහමුල මාර්ගයේ පාලු නිවසක් වටලා තිබුණා.

මෙම මාර්ගයේ පිහිටි හෝටලයක් ඉදිරිපිට මෙම පාලු නිවස පිහිටා ඇති අතර පොලිසිය මෙම නිවස වටලා සැකකරු අත් අඩංගුවට ගැනීමට සැරසෙද්දී පොලිසියට වෙඩි තබමින් සැකකරු පලා යාමට උත්සාහ කළ බව පොලිසිය .

මේ අවස්ථාවේ ඇතිවූ වෙඩි හුවමාරුවේදී වෙඩි වැදුනු සැකකරු දිවුලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් සැකකරු මියගොස් සිටි බව පොලිසිය සිටියා.

සැකකරු පොලිසියට වෙඩි තබා ඇත්තේ බ‍්‍රවුනින් වර්ගයේ පිස්තෝලයකිනුයි.

ඔහු සැඟව සිටි නිවස පහතින් දැක්වෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *