ඇමරිකාවේ කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 500,000 ඉක්මයි

ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 500,000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, ලොව වෙනත් කිසිදු රටකින් වාර්තා නොවූ කොරෝනා මරණ සංඛ්‍යාවක්.

ඒ අනුව මේ වනවිට එරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 512,477ක් ලෙසයි.

ජෝන් හොප්කින්ස් සරසවි දත්තවලට අනුව එම අඳුරු කඩයිම අමෙරිකාව ඊයේ සලකුණු කළ අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාවද දෙකෝටි අසූ එක්ලක්ෂය ඉක්මවා ඇත්තේ තවත් ලෝක වාර්තාවක් ලෙසින්.

මෙම ශෝකාන්විත තත්ත්වය පිළිබඳව ජාතිය අමතා අදහස් දැක්වූ ජනපති ජෝ බයිඩ්න් දින 05 ක කාලයක් එරට සියලු රාජ්‍ය ගොඩනැගිලිවල ජාතික ධජ අඩකුඹු කරන ලෙස දන්වා තිබෙනවා.

ජනපති ජෝ බයිඩ්න් කියා සිටියේ පළමු ලෝක යුද්ධය, දෙවන ලෝක යුද්ධය සහ වියට්නාම යුද්ධයේදී සිදුවූ අමෙරිකානුවන්ගේ මරණ සියල්ල එක් කළද ඊට වඩා වැඩි ජීවිත හානි ගතවූ වසර තුළ කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවී ඇති බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *