📹සහල් රටින් ගේන තීන්දුව ගත්තේ අකමැත්තෙන්

සහල් පිට රටින් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේ කැමැත්තෙන් නොවන බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව අවස්ථා කිහිපයකින්ම සහල් ආනයනය කිරීමට කිහිප දෙනකු යෝජනා කළ ජනාධිපතිතුමා ගොවීන් ගැන සිතා ඊට එකග නොවූ බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් දැනට ද ව්‍යාපාරිකයන් විසින් සඟවා ගෙන සිටින සහ තොග එලියට දැම්මොත් සහල් ආනයනය අඩු කළ හැකි බවද කී ඔහු කියා සිටියි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *