ශ්‍රී ලංකා ක්‍රිකට් වල වර්තමාන තත්ත්වය මාව දුකට පත් කරනවා – මුත්තයියා මුරලිදරන්

දක්ෂ නවක ක්‍රීඩකයන් බිහිනොවීම සහ කණ්ඩායමේ වත්මන් ක්‍රීඩකයන් ක්‍රීඩාව කෙරෙහි දක්වන අඩු සැලකිල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් වල තත්ත්වය පහළ බැසීමට හේතු වී ඇති බව මුත්තයියා මුරලිදරන් පවසනවා.

තමන් විශ්‍රාම යෑමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ සම්බන්ධ වී කටයුතු නොකළ බවටත්, ලෝක කුසලාන අවසාන තරඟයකට තුන් වතාවක්ම සුදුසුකම් ලද අභිමානවත් රටක් හැටියට වර්තමානයේ මෙරට ක්‍රිකට් වලට උදාවී ඇති තත්ත්වය තමන්ව දැඩි ශෝකයට පත් කරන බවටත් ඒ මහතා වැඩි දුරටත් පවසා තිබෙනවා.

තමන් ක්‍රීඩා කළ 1990 කාල වකවානුවේ මෙන් කඩුලු ගැනීමට සහ ලකුණු රැස්කර තරඟ ජයගැනීමට නොව වෙනත් භෞතික වාසි තකා වර්තමාන ක්‍රීඩකයන් ක්‍රීඩා කරන බවක් පෙනෙන්න තිබෙන බවත් තවදුරටත් අදහස් දක්වමින් මුරලි පවසා සිටිනවා. මුත්තයියා මුරලිදරන් ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මේ අදහස් ප්‍රකාශ කර තිබෙන්නේ.

You May also like

3 Comments

  1. IPL එකට සපෝට් කර කර ඉන්න වෙලාවෙ ලංකාවෙ ක්‍රිකට් වලටත් මොනාහරි සේවයක් කළානම් නරකද මුරලි?

    1. Ehema kiyanna epa gono! e manussaya me rare cricket walata karapu sewaya athi

  2. කියන්න ලෙසියි. ඇවිල්ලා කරලා පෙන්නන්න කියන්නකො. දෙවෙනිපාරට අපිට කප් එක ගෙන්න බැරි උනේ මුරලි නිසා. ඉන්දියා මැච් එකේ බෝල් කරන්න කිව්වහම බෑ කියලා තියෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *