සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හෙට විවෘතයි

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා නොගත් අපේක්ෂකයන්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට පමණක් හෙට දිනයේදී පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල විවෘතව තැබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව ප්‍රධාන කාර්යාලය, ගාල්ල, කුරුණෑගල, වව්නියාව සහ මඩකලපුව යන ප්‍රාදේශීය කාර්යාල ද හෙට පෙරවරු 8.30 සිට පස්වරු 1.00 දක්වා විවෘතව තැබෙන බවයි.

එමෙන්ම, විභාග අපේක්ෂකයින් ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට විදුහල්පති හෝ ග්‍රාම නිලධාරි විසින් සහතික කළ නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත් රැගෙන පැමිණිය යුතු බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *