මව විදෙස් රටක සේවයේ යෙදී සිටියදී නිවසේ සිටි 17 හැවිරිදි දියණියට අතවර කළ බව කියන 45 හැවිරිදි පියෙකු ගැන පුවතක් වාර්තා වනවා.
මෙම සැකකාර පියා මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කොට තිබෙනවා.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ බුලත්සිංහල මහගම ඉලූක්කැටිය ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි වාර්තා වන්නේ.
මෙසේ පියා විසින් අතවර කළ බව කියන දියණිය විශේෂ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර තිබෙනවා.
ඒ කළුතර, නාගොඩ මහ රෝහල වෙත යි.
බුලත්සිංහල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.