හිටපු ස්වාමිපුරුෂයාගේ අලුත් කසාදයේ බිරිඳ ” අශ්වයා” ලෙස ෆේස් බුක් තුළින් ඇමතීම හේතුවෙන් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකට ඩුබායි හි වසර දෙකක සිර දඬුවමක් නියම වී තිබෙනවා.
55 හැවිරිදි ලලෙහ් ෂහ්රවෙෂ් නම් වන ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු සැමියාගේ අවමංගල්‍යයට සහභාගි වීම සඳහා පැමිණි අවස්ථාවේ ඩුබායි ගුවන් තොටුපොලේ දීයි.
වාර්තා වන අන්දමට වසර 18ක විවාහ ජීවිතය තුළ ඇය සිය සැමියා සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී ඇත්තේ මාස 8ක් පමණයි.
දියණියද සමග ඇය එක්සත් රාජධානියට පැමිණ ඇති අතර සැමියා අරාබි එමීර් රාජ්‍යයේ නැවතී ඇති අතර ඔවුන් අතර දික්කසාදය සිදු වී ඇත්තේ ඉන්පසුවයි.
2016 වසරේ දී ඔහු නැවත විවාහ වී ඇති බව ෆේස් බුක් වෙතින් දුටු ඇය මෙසේ සටහන් කර ඇති බව සඳහන් වනවා.