වාහන ලිසිං සහන ලබා දීමට රජයට නොහැකි බව රජය දැනුම් දෙයි

පෞද්ගලික බස් හිමියන්ගේ සහ පාසල් වෑන් රථ හිමියන්ගේ ලීසිං වාරික සහනය සම්බන්ධයෙන් රජයට මැදිහත් විය නොහැකි බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසු බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා පවසයි.

ඊයේ (27) පෙරවරුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන සංගම් අතර මුදල් අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවේදී මේ බව පවසා තිබුණි.

එම සංගම් පෙන්වා දී ඇත්තේ කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් සිය ආදායම් මාර්ග ඇනහිටීම නිසා යළි එම කර්මාන්ත ආරම්භ කිරීම සම්බන්ධයෙන් ගැටළු පන නගින බවත් තම සාමාජිකයින්ට මෙම හිග ලිසිං වාරික ගෙවීම අසීරු බවයි.

එහිදී මුදල් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ එම ලිසිං සමාගම්හි මුදල් තැන්පත් කරුවන්ට අධික ලෙස පොලී මුදල් ගෙවීමට ඇති බැවින් ඒ සඳහා සහනයක් ලබා දීමට නොහැකි බවයි.

ඒ වගේම පසුගිය කාලය පුරාවටම කොවිඩ් හේතුවෙන් සියලුම ප්‍රවාහනය සම්පුර්ණයෙන්ම ඇණහිට තිබු පසුබිමක රක්ෂණ වාරික මුදල පවා සම්පුර්ණයෙන් අය කිරීම අසාධරණ බවයි.

එහිදී එම සාකච්ඡාවට සහභාගී වූ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා යෝජනා කර ඇත්තේ මෙවර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව අධික ලාභයක් පෙන්වා ඇති බැවින් සියළුම සංගම්හි වාහන රක්ෂණය කිරීම පෞද්ගලික සමාගම්වලින් ඉවත් කර රජයට අයත් රක්ෂණ සංස්ථාවේ රක්ෂණය කරන ලෙසයි.

මෙහිදී ඉතා කඩිනමින් පාසල් විවෘත කිරීමට රජය සුදානම් වෙන බව දැනුම් දී ඇති අතර ප්‍රවාහන වැඩ පිළිවෙල ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා රජයට සහය ලබා දෙන ලෙස මුදල් අමාත්‍යවරයා ඉල්ලීමක්ද කළ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා පවසයි.

මෙම අවස්ථවට පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය,සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය,සමස්ත ලංකා ත්‍රිරෝද රථ සංගමය මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන්,අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි,අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන අය සහභාගී වී තිබේ.

ඉන්දික ශ්‍රී අරවින්ද

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *