අවසන් පිරිසත් එජාපය හැර යයි

රනිල් වික්‍රමසිංහ මහතාට හිතවාදීව මෙතෙක් කටයුතු කරන ලද එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් විශාල ප‍්‍රමාණයක් මේ වන විට සමගි ජන බලවේගය සමඟ එක් වීමට සූදානමින් ඇතැයි වාර්තා වනවා.

ඉක්මනින්ම පැවැත්වෙනු ඇතැයි කියන මීළඟ පළාත් සභා මැතිවරණයට තරඟ වැදීම සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවෙිගයෙන් තරග වැදීමට එම පිරිස අවස්ථාව ඉල්ලා සිටින බවද වාර්තා වනවා.

ඉදිරි පලාත් සභා මැතිවරණයේ එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග වැදීමට එම පක්‍ෂ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් කිසිවකුත් සූදානම් නැතැයි ද එම පක්ෂ ආරංචි මාර්ග කියා සිටිනවා.

මේ තත්ත්වය මත ඉදිරි පළාත් සභා මැතිවරණයට තරඟ වැදීම සඳහා එක්සත් ජාතික පක්ෂයට අපේක්ෂක ලැයිස්තු සකස් කිරීම සඳහා බරපතළ ගැටලුකාරී තත්ත්වයකට පත්ව තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *