වේවැල්වලින් පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වූ දැරියගේ අවසන් කටයුතු ඊයේ සිදුකෙරුණා

යාතු කර්මයකදී වේවැල්වලින් පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වූ 9 හැවිරිදි දැරියගේ අවසන් කටයුතු ගාල්ලේ දී ඊයේ සිදුකෙරුණා.

ගාල්ල – කටුගොඩ ප්‍රදේශයේ පිහිටි එම දැරියගේ පියාගේ නිවසේ සිට කටුගොඩ – පුංචිවත්ත මුස්ලිම් පල්ලියට රැගෙන යාමෙන් අනතුරුව රාත්‍රියේදී මෙලෙස අවසන් කටයුතු සිදුකළ බවයි.

අමනුෂ්‍ය බලවේගයක් පලවා හැරීමට යැයි පවසමින් යාතු කර්මයක් සිදුකර වේවැල්වලින් පහරදීම හේතුවෙන් මෙම දැරිය පෙරේදා ජීවිතක්ෂයට පත්වූ අතර සිද්ධියට අදාළව යාතුකර්මය සිදුකළ කාන්තාව සහ දැරියගේ මව පසුව අත්අඩංගුවට ගෙන මේ මස 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *