අංගොඩ ලොක්කාට ‘හොර ලියවිලි හැදු’ නීතිවේදිනිය

ඉන්දියාවට පළාගොස් සිටියදී මරණයට පත්වූ බව කියන පාතාල නායකයෙකු වූ අංගොඩ ලොක්කා හෙවත් මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරාට ව්‍යාජ ලේඛන සැකසීමට සහය වූ බවට සැකකෙරෙන සිවකාමි සුන්දරි නමැති නීතිඥවරිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළි කර ගැනීමට ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් නීතිඥ සිවකාමි සුන්දරිගේ කූදල් පුතූර්හි පිහිටි නිවස ආසන්නයේ පදිංචි අසල්වැසි ජනතාවගෙන් ප්‍රශ්න කළ බවයි.

මෙම විමර්ශනය සිදු කර ඇත්තේ, නියෝජ්‍ය පොලිස් පරීක්ෂක පරමසාමි නමැත්තෙකුගේ මෙහෙයවීම යටතේයි.

එම විමර්ශනවලින් අනතුරුව අපරාධ පරීක්ෂණ නිලධාරියෙකු පවසා ඇත්තේ, සිවකාමි සුන්දරි විසින් කුලී පදනම මත ලබා ගත් නිවසක අංගොඩ ලොක්කා රැඳී සිටි බවට සාක්ෂි ලැබී ඇති බවයි.

“කෙසේ වෙතත්, අසල්වැසියන්ට අංගොඩ ලොක්කාගේ ඡායාරූපයක් පෙන්වූ විට ඔවුන් සියලු දෙනා කිව්වෙ එවැනි පුද්ගලයෙකු දැකල නෑ කියල. අපි විශ්වාස කරනවා අංගොඩ ලොක්කා ඒ නිවසේ සැඟවී රහසේ ජීවත් වූ බව,” යනුවෙන් එම නිලධාරියා පැවසුවා.

මේ අතර, මෙම විමර්ශනය අතරතුර නීතිඥ සිවකාමි සුන්දරිගේ බැංකු පාස් පොත සහ ප්‍රකාශන පොලිසිය භාරයට ගෙන ඇති අතර එම ලේඛන පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ, ඇයගේ ගිණුමට බැරවී තිබූ වැඩි ම මුදල ඉන්දීය රුපියල් ලක්ෂයක් බවයි.

කෙසේ වෙතත්, එම මුදල බැර කරන ලද්දේ කවුරුන් විසින් ද යන්න තහවුරු කර ගත යුතුව ඇතැයි ඉන්දීය පොලිසිය පවසනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *