අම්මාට නින්ද ගිහින් සිඟිත්තා මහ පාරේ වැටිලා – දැනගෙන ඇත්තේ දුර ගිහින්

කොළඹ – නුවර ප‍්‍රධාන මාර්ගයේ වැටී සිටි බිළිඳකු වතුපිටිවල රෝහලට බාරදුන් පුවතක් වාර්තා වනවා.

රාත්‍රී කාලයේ මහමඟ වැටී සිටි මෙම ළදරුවා දැක රෝහලට ගෙන ගොස් ඇත්තේ තිහාරිය ප‍්‍රදේශයේ පදිංචි ත‍්‍රීවීල් රථ රියැදුරෙක්ය වන යුසුෆ් මොහොමඞ් නැමැත්තායි.

මෙම දරුවාගේ මව සහ පියා ත‍්‍රීවීල් රථයකින් කොළඹ බලා පිටත්ව යන අතර මවට නින්ද යාම නිසා දරුවා මහමග වැටී ඇති බවයි වාර්තා වන්නේ.

යක්කලට ආසන්නයේදී පියා විසින් දරුවා නොමැති බව දැනගෙන ඇති අතර පසුව සොයා බැලීමේදී රෝහල්ගත කළ දරුවාව සොයාගෙන තිබෙනවා.

දරුවාව දුටු පුද්ගලයා ඒ අසල පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ගොස් ඇති අතර එහිදී සිඟිත්තා පරීක්‍ෂා කර බලන වෛද්‍යවරයාගේ උපදෙස වී ඇත්තේ සිඟිත්තා රෝහල්ගත කරන ලෙසයි. ඒ අනුව වහාම ක‍්‍රියාත්මක වන මෙම පුද්ගලයා තමන්ට අයත් ත‍්‍රීවීල් රථයෙන්ම වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබුණා.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.