ජනපති යන පාර මැද ‘කෙසෙල් ගස් සිටවූ තරුණයාට’ අත්වූ ඉරණම

ජනාධිපතිවරයා ගමන් කිරීමට නියමිත වූ මාර්ගයේ කෙසෙල් පැළ 4 ක්‌ සිටවූ තරුණයකු අරලගංවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේදා (21 ) දිනයේ විජයබාපුර සිට අරලගංවිල දක්‌වා මාර්ගයේ ඔහු කෙසෙල් පැළ 4 ක්‌ සිටවා ඇති අතර එම සිද්ධිය අරලගංවිල පොලිසියේ නිලධාරියකු දැකීමෙන් පසු එම සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන තිබුණා.

අරලගංවිල විජයබාපුර පදිංචි ආර්. එම්. සරත් රත්නායක නමැති තරුණයා විජයබාපුර සිට අරලගංවිල දක්‌වා පාර අබලන් වී අධික දූවිලි සහිත මාර්ගයක්‌ වීම නිසා ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමේ අදහසින් කෙසෙල් පැළ 4 ක්‌ මාර්ගය මැද සිටුවා ඇති බවයි පැවසෙන්නේ.

මනම්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 05 වැනිදා දක්‌වා ඔහුව රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මනම්පිටිය මහෙස්‌ත්‍රාත් එස්‌. අසේල ද සිල්වා මහතා නියෝග කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *