නෙළුව ප්රදේශයේ, විහාරස්ථානයක චීවරධාරියෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, හිමිනමක විහාරස්ථානයක ගංජා පානය කරන බවට සහ විකිණීමේ නිරත වන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමකදී.
ඒ අනුව, එම විහාරස්ථානයේ ආවාස ගෙය පරීක්ෂා කිරීමේදී එහි තිබී ගංජා පැකට් කිහිපයක් හමුවී ඇති බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් චීවරධාරියාගෙන් කළ ප්රශ්න කිරීම්වලදී ගංජා ප්රවාහනය කිරීම සඳහා උදව් කළ පුද්ගලයෙකු නෙළුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
ගංජා ප්රවාහනය කිරීමට උදව් කළ පුද්ගලයා ද විහාරස්ථානයේ සිට ඇති අතර ඔහු සන්තකයේ තිබී කේරළ ගංජා පැකට් තුනක් හමුවී තිබුණා.
අලෙවි කිරීම සඳහා කේරළ ගංජා ලබා දුන් පුද්ගලයා පිළිබඳව ද සිදු කරන ලද විමර්ශනවලදී තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්වී ඇති අතර උපාය දූතයෙකු යොදවා ජාවරම්කරුගෙන් ගංජා මිල දී ගැනීමට සලස්වා ඔහු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර චීවරධාරියා 21 හැවිරිදි අයෙකු වන අතර, අනෙක් සැකකරුවන් දෙදෙනා 21 හා 23 යන වයස්වල පසුවන බව පොලිසිය පවසනවා.
අත්ඩංගුවට ගත් ජාවාරම්කරු, පාසල් ළමුන් සහ පිරිවෙන් හිමිවරු ඉලක්ක කර ගනිමින් කලක සිට මෙම ජාවරමේ නියැලී සිට තිබෙනවා.
සැකකරුවන් අද (16) උඩුගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.