රතන හිමිගේ කපටිකම ගැන ‘ඥානසාර හිමි’ ප්‍රසිද්ධියේම වදාරයි – පාර්ලිමේන්තු අසුනට හිමිවරු දැඩි සටනක

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ වැඩිහිටි කමට තමන් ගරු කළ උන්වහන්සේගේ කපටි කමට ගරු කරන්නේ නැති බව උන් වහන්සේට පවසන්නේ යැයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරනවා.

මෙවර පාර්ලිමේන්තුවට යාම සඳහා ජනතා ව්‍යාපාරය භාවිතා කරන්න ඉඩ නොතබන බවද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධව ඇතිව තිබෙන ප‍්‍රශ්ණය පක්‍ෂ ලේකම්වරයා සොයාගෙන විසඳීමට රතන හිමියන් කටයුතු කළ යුතු බව ද උන් වහන්සේ පවසනවා.

තමන්ට පාර්ලිමේන්තු යාම සඳහා මෙම ව්‍යාපාරය භාවිතා කරන්න එපා යැයි තමන් ඉල්ලා සිටින්නේ ද උන්වහන්සේ පැවසූ ඥාණසාර හිමියෝ තමනට මන්ත්‍රීධුර ඇතත් නැතත් ප‍්‍රශ්නයක් නැතිබවත් මන්ත්‍රීධුර තිබිලා නැති වෙච්චි අයට වැඩි වශයෙන් දුක දැනට බවත් පැවැසුවා.

මන්ත‍්‍රීකම ගැන නීතිමය ක්‍රියාමාර්ග ගන්න අධිකරණ වලට යන්නේ නැතැයිද මන්ත‍්‍රීකම් ඇතත් නැතත් සිංහල බෞද්ධයන් වෙනුවෙන් ආරම්භ කර තිබෙන සටන ඉදිරියට ගෙන යාමට කැප වන්නේ යයිද උන්වහන්සේ තව දුරටත් කියා සිටියා.

කොළඹ දී පැවැති සමුළුවක් අමතමින් ඥානසාර හිමියෝ මේ බව කියා සිටියා.

You May also like

1 Comment

  1. kawda me school gihipu nathi writer.
    grammer dakalawath nathi ekek

Leave a Reply

Your email address will not be published. Required fields are marked *