ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස හෙට සිට ජනසතු වෙයි (PHOTOS)

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියර ( ඇතුගල්පුර පිවිසුම ) ජනවාරී 15 වන දින  ජනතා අයිතියට – මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු
 
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියර ( ඇතුගල්පුර පිවිසුම ) ජනවාරී 15 වන දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ  ප්‍රධානත්වයෙන් 15-01-2022 වන සෙනසුරාදා දින ජනතා අයිතියට පත් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක  මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
 
මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ දුර කි.මි 40.91 කි.

පාරිසරික සහ සමාජීය බලපෑම් අවම වන පරිදි ඉදි කල මෙම අධිවේගී මාර්ග පථය නාගරික ප්‍රදේශ මග හරිමින් ප්‍රධාන වශයෙන් හිස් ඉඩම් හරහා ගමන් ගනී.

මංතීරු 4 ක් යටතේ ඉදිකල මෙම මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස දැනට ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙස හඳුනාගෙන ඇත. දේශීය අරමුදල් යොදවා දේශීය කොන්ත්‍රාත්කරුවන්  මඟින් මෙම මාර්ග කොටස ඉදිකර ඇත.    

මීරිගම , නාකලගමුව , දම්බොක්ක , කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානයන් හි මුදල් ගෙවීමේ කවුළු සහිතව අන්තර්හුවමාරු මධ්‍යස්ථාන 5 ඉදි කර ඇත.

මේ සඳහා රු.බිලියන 149 ක් වැය වී ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *