බලපත්‍ර නොමැතිව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 23 දෙනෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් බලපත්‍ර නොමැතිව ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 2300 ක් සමඟ පුද්ගලයින් 12 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, මුලතිව් – පුදුමාතලන් වෙරළ තීරයේ ඊයේ සිදුකළ වැටලීමකිදියි.

ඒ පුත්ගලයින් අවුරුදු 36 ත් 40 ත් අතර වයස්වල පසුවන කල්පිටිය සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර,මසුන් ඇල්ලීමට යොදා ගත් යාත්‍රා 4 ක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත.