ආසියානු කලාපයේ හොඳම නිර්මාණයට හිමි සම්මානය ‘ද නිවුස් පේපර්’ චිත්‍රපටයට

ඉන්දියාවේ බෙංගලූරු නුවර පවත්වන ලද 13 වන අන්තර්ජාතික සිනමා උළෙලේදී මෙරට චිත්‍රපට නිෂ්පාදනයක් වන ද නිව්ස් පේපර් ආසියානු කලාපයේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ නිෂ්පාදනයක් වන ”ද නිවුස් පේපර්” සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුරගේ සම අධ්‍යක්ෂණයක්.

පසුගිය 3 වනදා සිට 10 වනදා දක්වා බෙංගලූරු නුවර පවත්වන ලද මෙම අන්තර්ජාතික සිනමා උළෙලේ දී ද නිවුස් පේපර් චිත්‍රපටය සම්මාන හිමිකරගත්තේ එහි ප්‍රධානතම තරඟකාරී අංශයක් වන ආසියානු සිනමා තරගයෙන්.

ලොව පුරා ක්‍රියාත්මක සිනමා උළෙල ප්‍රමිතිකරණයේ හා වර්ගීකරණයේ නිරත ලොව ප්‍රමුඛතම ආයතනය වන ෆිඇෆ් මගින් මේ වසරේ සිට බෙංගලූරු අන්තර්ජාතික සිනමා උළෙල පිළිගැනීමත් සමඟ එය 44 වන අන්තර්ජාතික සිනමා උළෙල බවට පත්වුණා.

ද නිව්ස් පේපර්, බෙංගලූරු සිනමා ඉතිහාසයේ ආසියානු තරංග අංශය නියෝජනය කරන ලද 12 වන ශ්‍රී ලාංකීය සිනමා පටයයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *