ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද පනස් දහස ඉක්මවා ගියා.
ඒ අද තවත් ආසාදිතයන් 378ක් වාර්තාවීමත් සමගයි.
ඒ අනුව මෙරටින් හමුවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 50229ක්.
මේවන විට හමුවූ ආසාදිතයන්ගෙන් 6718ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 43267ක්.
මෙරටින් කොරෝනා ආසාදිත මරණ 244ක් වාර්තාවුනා.