ලොව පුරා කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අනූ ලක්ෂය ඉක්මවා තිබෙනවා.
මේ වන විට ලොව පුරා කොවිඩ් මරණ හාර ලක්ෂ හැත්තෑදහස ඉක්මවා ඇති අතර වෛරසය ආසාදනය වී සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව හතලිස් අට ලක්ෂයකට අධිකයි.
වෛරසය ව්‍යාප්තිය අතින් තවමත් ඇමරිකා එක්සත් ජනදපය වැඩි බලපෑමකට ලක්ව තිබෙනවා.
එරට තුලින් ආසාදිතයින් 2,356,657ක් මේ වනවිට වාර්තා වන්නේ මරණ 122,247ක් ද සමඟින්.
ලතින් ඇමරිකානු රටක් වන බ්‍රසීලයෙන් ආසාදිතයින් 1,086,990ක් වාර්තා වන අතර ඊයේ දිනයේදී වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වුනේ ද බ්‍රසීලයෙන් වීම විශේෂත්වයක්.
ඒ අනුව ඊයේ දිනයේ එරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 601ක්.
ආසියානු කලාපයෙන් වෛරසයේ වැඩිම බලපෑමක් ලක්ව ඇත්තේ ඉන්දියාවටයි.
ඉන්දියාවෙන් මේ වනවිට ආසාදිතයින් 426,910ක් වාර්තා වන අතර ඊයේ දිනයේදී එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 426ක්.
මේ වන විට එරට තුල වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,703ක්.