ලංකාවේ රෝහල්ගත් ‘කොවිඩ්-19 රෝගීන් ගණන’ 2000 ඉක්මවා යයි

මෙරට තුළ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යා 2000 ඉක්මවා ගොස් තිබෙනවා.

මෙරට තුළ රෝහල්ගත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2000 ඉක්මවූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකිය හැකියි.

වැඩිම කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව වන රෝගීන් 300කට අධික පිරිසක් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර කඹුරුගමුව, IDH, හම්බන්තොට, ඉරණවිල, තෙල්දෙණිය සහ වැලිකන්ද යන රෝහල්වල ද කොවිඩ් රෝගින් වැඩි පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටී.

මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5475 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 3395 දෙනෙකු අද වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

කෙසේවෙතත් තවත් ආසාදිතයින් 2067 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවා.

මේ අතර තවත් කොවිඩ් -19 ආසාදිතයින් 42ක් අද රාත්‍රී හනුදුනා ගත් අතර ඉන් 22ක් නිරෝධායනය වෙමින් සිටි අය වන අතර 20 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් ය.

ඒ අනුව දිවුලපිටිය හා මිනුවන්ගොඩ ආශ්‍රිත කොවිඩ් පොකුරේ අද දිනට හදුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 115ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *