ජනාධිපතිවරයා ජාත්‍යන්තරයේ විශ්වාසය ඉහළින්ම දිනාගෙන තිබෙනවා

ඊනියා අරගලකරුවන් හා කුමන්ත්‍රණකරුවන් එකතුවී විනාශයට ගෙන ගිය රට යථා තත්ත්වයට ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ අනාගතය තහවුරු කරමින් තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසනවා

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වත්මන් ජනාධිපතිවරයා ජාත්‍යන්තරයේ විශ්වාසය ඉහළින්ම දිනාගෙන ඇති බවයි.දවස් දහයක් තුළ ලෝකයේ ප්‍රබල රටවල් 4ක නායකයන් හා ප්‍රධානීන් මුණගැසීම තුලින් ඒ බව පෙනී යන්නේ යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා

අද (02) දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ගම්පහ,උඩුගම්පළ පිහිටි කාර්යාලයේදී යි

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයෙන් මේ පිළිබඳව නිකුත් කළ නිවේදනය පහතින් දැකිය හැකියි

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *