පොල් මිල සහ පොල් තෙල් මිලට ආණ්ඩුවට කරන දේ තීරණය කෙරේ

පොල් මිල සහ පොල් තෙල් මිල පාලනය සදහා කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (16) පස්වරුවේ රැස් වූ කැබිනට් මණ්ඩලයේදි මේ සම්බන්ධයෙන් සාකච්ඡා වුණා.

මේ වනවිට වෙළෙදපොළේ පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 85 ත් 95 ත් අතර අධික මිලකටයි.

පොල් අස්වැන්න අඩුවීම හේතුවෙන් පොල් මිල ඉහළ ගොස් ඇති බවයි පොල් වෙළදුන් පවසන්නේ.

දිනෙන් දින පොල් මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගික ජනතාව ද පීඩාවට පත්ව සිටින අතර, අඩු මිලට පොල් ලබාදිය හැකි ක‍්‍රමවේදයක් සැකසීම සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීවේදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

මේ අතර ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී පොල්තෙල් ආනයනය නතර කිරීම කෙරෙහිද අවධානය යොමු වුණා. දේශීයව නිෂ්පාදනය කෙරෙන පොල් තෙල් ප‍්‍රමාණය වැඩි කිරීම සදහා වැඩපිළිවෙළක් සකස් කිරීම කෙරෙහි මෙහිදි සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *