කෙලවරපිටියේ ඉතුරු ටිකත් ආණ්ඩුව ඇමරිකාවට දෙන්න හදයි

පසුගිය දා ඇමරිකානු නිව් ෆෝට්‍රස් සමාගමේ පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ කෙරවළපිටිය බලාගාරයේ ගනුදෙනුවේ ඉතිරි කොටස සම්පූර්ණ කර ගැනීමට ඔවුන් කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

කොළඹ වැදගත් ආයතන, හෝටල්, ඉඩම්, චීනයට ඇමරිකාවට පවරා දී ජනාධිපතිවරයා සිය මවුබිම වූ ඇමෙරිකාව බලා අවසන් මොහොතේ යන බව ද ජනතාව මැනවින් අවබෝධ කරගත යුතු කාලය පැමිණ ඇති බවත් ජවිපෙ වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.

2019 ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණෙන විට දුන් පොරොන්දු කුමක්දැයි ජනතාව මතක් කරගන්නා ලෙසත් එදා භාණ්ඩ 10ක් සහන මිල යටතේ ලබාදීමටත්, පඩි වැඩි කිරීම, රාජ්‍ය සේවය ස්ථාවර කිරීම, එක රටක්, එක නීතියක් කිරීම වැනි පොරොන්දු වසර දෙකක් යන තුරුත් ඉෂ්ට නොවූ කෙබර බවට පත්වී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ඇමති නාමල් රාජපක්ෂ විසින් ජනාධිපති ගෝඨාභය බෝලෙට වැරෙන් පහර දුන්නා යැයි පැවසූ නමුත් ජනාධිපතිවරයා සැබැවින් ම කර ඇත්තේ බෝලෙට කෙසේ වෙතත් ජනතාවගේ බඩට පහරදීම බවත් අද වන විට කන බොන, අඳින පළඳින සියල්ලෙහිම මිල වැඩි වී ඇති අතර ජනතාව දැඩි පීඩා විඳින මොහොතක ආණ්ඩුව තව අවුරුදු 4කින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උත්සවය පැවැත්වීමට සූදානම් බව ද ජවිපෙ වෛද්‍ය නලින්ද ජයතිස්ස අනාවරණය කළේය.

මෙය ජනතාව නොමරා මරණ ආණ්ඩුව බවත් විශේෂයෙන්ම ඒ හා රටේ දේපළ විකිණීම ද හොඳින් කරගෙන යන බවත් ඔහු පැවසුවේය කොළඹ වැදගත් ආයතන, හෝටල්, ඉඩම්, චීනයට ඇමරිකාවට පවරා දී ජනාධිපතිවරයා සිය මවුබිම වූ ඇමෙරිකාව බලා අවසන් මොහොතේ යන බව ජනතාව මැනවින් අවබෝධ කරගත යුතු කාලය බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *