‘දෑත ළයේ බැඳ අවසන් ගමනට සොයුරිය ඔබ නොකියාම ගියා ‘ – මධුහංසි ගෙදර පැමිණි දුක්මුසු මොහොත (Photos )

උසස් අධ්‍යාපන කටයුතු සදහා විදේශ ගතව සිටියදී නවාතැන් ගෙන සිටි මහල් නිවාසයේ ඇති වූ ගින්නක් නිසාවෙන් විෂ දුම ආඝ‍්‍රාණය වීමෙන් මිය ගිය බව කියන තරුණියන් තිදෙනාගෙන් කඩුවෙල බෝමිරිය ප‍්‍රදේශයේ පදිංචිව සිටි අමෝද්‍යා මධුහංසි ජයකොඩි නමැති 24 හැවිරිදි තරුනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (18) දින බෝමිරිය පොදු සුසාන භූමියේදී කිරීම‍ට නියමිතයි.

කඩුවෙල පහල බෝමිරිය දහම් පාසල් මාවතේ පිහිටි නිවසේ අමෝද්‍යා මධුහංසි ජයකොඩි තරුනියගේ දේහය තැන්පත් කර තිබෙනවා.

ඇගේ සමීපතමයන් සිය ශෝකය පළ කරමින් නිවස අසළ බැනර් එල්ලා තිබූ අතර ‘ජීවිතය දිගු ගමනකි..මෙය එක් නවතන්පොලකි..’ සහ ‘දෑත ළයේ බැඳ අවසන් ගමනට සොයුරිය ඔබ නොකියාම ගියා ‘ වැනි වදන් එහි දක්නට ලැබුණා.

ඇයගේ දේහය නිවසට රැගෙන පැමිණි අවස්ථාවේ ඡායාරූප මේ සමග දැක්වෙනවා.

 

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.