අපේ ජනබල පක්ෂයේ ලේකම් හිමි පැහැර ගත්තේ ‘ජනපති’ හමුවන බව කියමින් – වාහනය රතන හිමිගේ

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් අපේ ජනබල පක්ෂයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වේදනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගිය බවට උන්වහන්සේ ගේ මාධ්‍ය ලේකම් චෝදනා කරනවා.

පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් සඳහන් කරන්නේ ජනාධිපතිවරයා මුණ ගැසීමට යැයි පවසමින් රතන හිමියන්ගේ වාහනයෙන්ම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගිය බවයි.

මෙම පැහැරගෙන යාම මිරිහානේදී සිදුවී ඇති බවත් එතැනින් පසු මේ වන තෙක් කිසිම තොරතුරක් නොලැබුණු බවත් උන්වහන්සේ කියා සිටියා.

මන්ත්‍රී ධුරය රතන හිමියන් විසින් පැහැර ගැනීම සඳහා උත්සාහ දරමින් සිටින බවත් ඒ වෙනුවෙන් ලේකම් හිමියන් සඟවාගෙන සිටින බව බවටත් එහිමියෝ චෝදනා කලා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ මේ බව කියා සිටියා.

You May also like

1 Comment

  1. Eka හාමුදුරුවෝ kenek ta parliament enna,denna epa..

    Me ayath karanne business

    Sasane කනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *