ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව කළමාණාකාර කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.
පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) රාත්‍රීයේ රැස්වු පක්ෂයේ නියෝජිත හමුවේ දී මෙම පියවරගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මහතා ප්‍රකාශ කළා.
අදාළ හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු ශාන් විජේලාල් ද සිල්වා මන්ත්‍රීවරයා පැවසුවේ පක්ෂයේ සංවිධාන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමේ අරමුණින් මේ වනවිට තීරණ රැසක් ගෙන ඇති බවයි.
“නව නිලධාරී මණ්ඩලය පත්වෙලා ප්‍රථම වතාවට පක්ෂයට නව කළමනාකාර කමිටුවක් පත් කරගනු ලැබුවා. ඉදිරි වසරක් එකහමාරක කාලයක් තුළ නිශ්චිත වැඩපිළිවෙලක් පසුවිපරම් සහිතව ක්‍රියාත්මක කරන්නයි අපේක්ෂා කරන්නේ.”
මේ අතර රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අදහස් දක්වමින් සඳහන් කළේ ආණ්ඩුවෙන් ඉවත්වීමේ කිසිදු සාකච්ඡාවක් මෙතෙක් පක්ෂය තුළ නොමැති බවයි.