fbpx

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගෝඨාභය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීම පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුවිය.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තරග කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනය අද (11) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩංගණයේදි පැවැත්විණ.