සෞදි අරාබියේ ජෙඩා නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියලර් කාර්යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා.
එම කාර්යාලයේ සේවය කළ පුද්ගලයෙකුට කොවිඩ් නයින්ටින් රෝගය වැළදීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළා.
අදාළ කාර්යාලයේ සියලු නිලධාරීන් මේ වන විට නිරෝධායනයට ලක් කරඇති අතර නිරෝධාන කටයුතුවලින් අනතුරුව යළි කොන්සියලර් කාර්යාලයේ කටයුතු ආරම්භ කිරීමට නියමිත ව තිබෙනවා.
මේ අතර ජෙඩා නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකුට ද කොවිඩ් නයින්ටීන් රෝගය වැළඳී ඇති බව වාර්තා වනවා.