හෝමාගම ක්‍රීඩාපිටිය නැවතූ කතාව බොරුවක්..විවේචන නිසා තාවකාලිකව නවතලා?- අගමැති කී කතාවක් බන්දුලගේම කටින් පනී

හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණය තමන් තවමත් හදවතින් අත්හැර නැතැයි කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

රටේ අනාගතයට මෙම විශාල ක්‍රීඩාංගණය අවශ්‍ය නම් රජයේ හෝ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුදල් සතයක්වත් නොමැතිව වෙනත් රටක හෝ ආයතනයක ආධාර ලබාගෙන එය ඉදිකිරීමේ හැකියාව තමන්ට තිබෙන බව ද ඇමතිවරයා සඳහන් කළා.

තමන් එම ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා ඉඩම් නිරීක්‍ෂණයට ක්‍රිකට් පාලක මණ්ඩලයට ආසන 40,000ක් ඇති පිට්ටනියක් ඉදිකිරීම සඳහා ඉඩමක් ඉල්ලූ නිසා බව කී ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය විවේචන ඉදිරිපත් වූ නිසා එය තාවකාලිකව නවත්වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසූ බව ද සඳහන් කළා.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවට එක්වෙමිනුයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *