ආසාදිතයන් 180යි – සම්පුර්ණ ගණන 5,811 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයන් 180 දෙනෙකු ඊයේ දිනයේදීත් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5,811 දක්වා ඉහළ ගියා.

මිනුවන්ගොඩ කොවිඩ් නයින්ටීන් පොකුරට ඊයේ දිනයේ දී ආසාදිතයින් 180 දෙනෙකු එක්වීමත් සමග මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් ගණන 2,342ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම ආසාදිතයින් 120 දෙනා අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් 37 දෙනෙකු සහ මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ ආශ්‍රිතයින් 83 දෙනෙකු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මීට අමතරව ඊයේ දිනයේ දී විදේශ රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් හය දෙනෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබුණා.

ඔවුන් අතර ජපානයේ සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු, රුසියාවේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සහ කටාර්හි සිට පැමිණි පුද්ගලයෙකු වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *