දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට 17,000 ඉක්මවා තිබෙනවා.
ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 459 දෙනෙකු වාර්තා වීමත් සමඟ දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුර 17,436 දක්වා ඉහළ ගියා. ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 459 දෙනාගෙන් එක් අයෙකු කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු වනවා.
මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව දැක්වෙන්නේ 20,967ක් ලෙසයි. ආසාදිතයන් 5911ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 14,962ක්.
වේයන්ගොඩ ගුරු අභ්‍යාස විද්‍යාල පරිශ්‍රයේ නිරෝධායනයට ලක් කර සිටි මැනිං වෙළඳපොළ ආශ්රිත නාට්ටාමිවරුන් සහ කොළඹ ප්‍රදේශයේ යාචකයින් පිරිසකගෙන් 20 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
මේ වන විට නාට්ටාමිවරුන් 112 දෙනෙකු සහ යාචකයින් 8 දෙනෙකු නිරෝධායනය සඳහා එම අභ්‍යාස විද්‍යාල පරිශ්‍රයෙහි රදවා ඇති අතර, ඔවුන්ට සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකදීයි මෙලෙස 20 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ.