අද පස්වරුවේ දුම්රිය ධාවනය නොකෙරේ

ධාවනයට සැලසුම් කර තිබූ ඇතැම් දුම්රිය අද පස්වරුවේද ධාවනය නොවනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය කාර්ය මණ්ඩලය සදහා කොරෝනා මර්දන එන්නත අද දිනයේදී ලබාදෙන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඊට දුම්රිය කාර්ය මණ්ඩලය සහභාගිවීම හේතුවෙන් අද පෙරවරුවේ සැලසුම් කළ පරිදි දුම්රිය ධාවනය නොවූ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ සදහන් කළා.

පිට පළාත්වලින් දුම්රිය 5 ක් අද පෙරවරුවේ කොළඹ කොටුවට ධාවනය කිරීමට සැලසුම් කර තිබුණා.

එහෙත් අද පෙරවරුවේ කොළඹ කොටුව බලා ධාවනය වුයේ බෙලිඅත්ත, හලාවත සහ මහනුවර සිට පැමිණි දුම්රිය තුනක් පමණයි. අනෙක් දුම්රිය දෙක සහ පළාත් අතර ධාවනය කෙරෙන දුම්රිය කිහිපයක්ම අද දිනයේ අවලංගු කෙරුණා.

මේ අතර අද දිනයේ අතිරේක බස් රථ ද ධාවනයට එක් කළ බවයි ශ්‍රී ලංකා ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ධාවන, පණ්ඩුක ස්වර්ණහංස ප්‍රකාශ කළේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *