චීනයට එරෙහිව ඇමරිකාව සහ යුරෝපා සංගමය එක්වෙයි

චීනයේ ඇතැම් ක්‍රියාමාර්ගවලට එරෙහිව ඒකාබද්ධව කටයුතු කිරීමටත් ,විරෝධය දැක්වීමටත් ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය අතර එකගතාවයක් ඇති කරගෙන තිබේ.

දෙපාර්ශවය අතර බ්‍රසල්ස් හි පැවති සාකච්ඡාවකදී මෙම එකගතාවයන්ට එළඹ ඇති අතර ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්ද නිකුත් කර ඇත.

ඊට අනුව චීනයේ ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේත්,ටිබෙට් හා හොංකොං ස්වයංපාලන කලාපවලත් සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට එරෙහිව කටයුතු කිරීමට දෙපාර්ශවය එකගවී තිබේ.

තායිවාන සමුද්‍ර සන්ධිය සහ දකුණු චීන මුහුදේ පවතින අර්බුදකාරී වාතාවරණය සම්බන්ධයෙන් ඒකාබද්ධ ක්‍රියාමාර්ගවලට එළඹීමටද ඇමරිකාව සහ යුරෝපා සංගමය එකගතාවය පළ කර ඇත.

ඊට අමතරව වෙළෙද ගනුදෙනුවලදී සහයෝගයෙන් කටයුතු කිරීමටත්, කොරෝනා අර්බුදය සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රවේශයන් ඔස්සේ කටයුතු කිරීමටත් දෙපාර්ශවය තීරණය කර තිබේ

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *