රුහුණු කුමරියේ ගැටුණු වෑන් රථය

අම්බලන්ගොඩ, කන්දෙගොඩ දුම්රිය හරස් මාර්ගයේදී අද (28) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙයි.

මාතර සිට කොළඹ බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රියෙහි වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

වෑන් රථයේ රියදුරු පමණක් ගමන් කර ඇති අතර අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කර තිබෙයි.

 

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *