වාර්තාව බිඳ දමා මාස කිහිපයකට පසු ලොව වයස්ගතම පුද්ගලයා මිය යයි

ලොව වයස්ගතම පුද්ගලයා ලෙසට සැලකෙන ස්පාඤ්ඤ ජාතික Saturnino de la Fuente Garcia ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 112ක්.

ඔහුගේ මීළඟ උපන්දිනයට සති 3ක් ඉතිරිව තිබියදීයි අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගෙන ඇත්තේ.

ලොව වයස්ගතම තැනැත්තා ලෙසට ගිනස් වාර්තාවට හිමිකම් කියන Saturnino de la Fuente Garcia වසර 112යි දින 341ක් මෙලොව ජීවත් වීමට වරම් හිමිකරගෙන තිබුණා.

ඔහු ලොව වයස්ගතම පුද්ගලයා ලෙසට ගිනස් කමිටුව තීරණය කරනු ලැබුවේ වයස අවුරුදු 112යි දින 211ක් සපිරෙන දිනයේදීයි.

Saturnino de la Fuente Garcia ගේ 113වන උපන්දිනය යෙදී ඇත්තේ ලබන පෙබරවාරි මාසයේයි.

අඩි 4.9ක උසින් යුත් ඔහු 1909 වසරේ පෙබරවාරි 11 වනදා උපත ලබා ඇත්තේ Ponte Castro හිදීයි.

1936 වසරේදී ස්පාඤ්ඤ සිවිල් යුද්ධයට ද මුහුණ දුන් ඔහු සාර්ථක සපත්තු ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

ඔහුට දරුවන් හත් දෙනෙක්, මුණුබුරන් 14 දෙනෙක් සහ මී මුණුබුරන් 22 දෙනෙක් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *