තරුණ පරම්පරාවට තීරණාත්මක කාර්යභාරයක් පැවරී තිබෙනවා

පාරිසරික අභියෝගවලට මුහුණදීමේ දී තරුණ පරම්පරාවට තීරණාත්මක කාර්යභාරයක් පැවරී තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පවසනවා.

ජනාධිපති කාර්යාලයේ පැවති තරුණ නායකයින්ගේ සේවය ඇගයීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සදහන් කළේ.

ගෝලීය දේශගුණ විපර්යාස අවම කිරිමේ ප්‍රයත්නයන් හිදී ශ්‍රී ලංකාව ප්‍රමුඛ කාර්යක් ඉටුකිරීමේ වැදගත්කම අවධාරණය කළ ඒ මහතා මේ වන විටත් පරිසරය වෙනුවෙන් තරුණ ප්‍රජාව දක්වන කැපවීම අගය කරන බව ද එහිදි සදහන් කළා.

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව සතුව පවතින අවස්ථාවන් පිළිබදව සදහන් කරමින් හරිත හා නවීන ආර්ථිකයක් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ දැක්ම පිළිබදව සාගල රත්නායක මහතා මෙහිදි වැඩිදුරටත් පැහැදිලි කළා.

අර්බුදකාරී තත්ත්වයෙන් මිදිමේ දී මුහුණදීමට සිදුවු මූලික අභියෝග මෙන්ම තිරසර සංවර්ධනයක් ඇති කිරීම සදහා නිවැරදි වැඩපිළිවෙලක් ස්ථාපිත කිරීම වෙනුවෙන් රජය කැපවී සිටින බව ද ඒ මහතා මෙහිදි අවධාරණය කළා.

විවධ ක්ෂේත්‍රවල කුසලතා දැක්වු මෙරට තරුණ නායක නායිකාවන් 23 දෙනෙකු ඇගයීම සදහායි ලියෝ සමාජය මෙම ඇගයීම් උළෙල සංවිධාන කර තිබුණේ.

අමාත්‍ය කංචන විජේසේකර,  තරුණ සේවා සභාවේ සභාපති පසිදු ගුණරත්න,  ජාත්‍යන්තර ලියෝ සමාජ වැඩසටහන් උපදේශක ලසන්ත ගුණවර්ධන ඇතුලු මහත්ම මහත්මින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *