වන නිලධාරිනිය පන්නන්න සුදානම්..හිටපු ඇමති පෙරමුණේ..සහාය නිලධාරින්ගෙන්..බාධකය ජනපති – තොරතුරු මෙන්න

මීගමුව කඩොලාන සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවත් සමග ජනප්‍රිය චරිතයක් බවට පත්වූ දේවානි ජයතිලක නම් වන දිසා වන නිලධාරිනිය සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළිදරවු වෙමින් පවතිනවා.

ඇයව කෙසේ හෝ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මාරු කර යැවීම සඳහා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරත් කුමාර ගුණරත්න ද මේ වනවිට උත්සහ දරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඒ,ඉදිරි මැතිවරණයේදී මීගමුව ආසනයේ ඡන්ද ප්‍රමාණය වැඩිකර ගැනීමේ අරමුණ ඇතිවයි.

ඔවුන්ගේ මෙම උත්සාහය සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද සහාය දෙන බව වාර්තා වනවා.

මීට පෙර අතිරේක දිසා වන නිලධාරිනියක ලෙස වන රක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ රාජකාරියට ගිය ඇය නීතියට අනුව, ආයතන සංග්‍රහවලට අනුව කටයුතු කිරීම නිසා ප්‍රධානින් උරණ වී පසුව වවුනියාවට මාරුවක් ලබා දී තිබෙනවා.

පසුව වවුනියාව දිසා වනජීවී කාර්යාලයේ සිට සේවා අවශ්‍යතා මත ගම්පහට මාරුවක් ලබා පැමිණි ඇයට මීතිරිගල රක්‍ෂිතය සම්බන්ධ ප්‍රශ්නයක් සඳහා මැදිහත්වීමට සිදුව ඇති අතර එය ඉතා භයානක තත්ත්වයකට පත්වූ බවයි වාර්තා වන්නේ.

මීතිරිගල රක්‍ෂිතය හෙක්ටයාර් 3585කින් සමන්විතය. පෙතියාකන්ද රක්‍ෂිතය අක්කර 107කි. මීතිරිගල රක්‍ෂිතයට අදාළ තක්සේරු වාර්තා ඉල්ලුවත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් (LRC) අදාළ තක්සේරු වාර්තා ඉල්ලුවත් ලබා දී නැති අතර ප්‍රධාන කාර්යාලයට දඬුවම් මාරුවක් ලබාදී තිබෙනවා.

නමුත් ඇය නිකන් එම මාරුවට එරෙහිව නඩුවක් ගොනු කර නඩුවේ තීරණයට අනුව මාරුවීම අවලංගු කර යළි ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස ගම්පහටම පැමිණ ඇත්තේ දුෂිත නිලධාරීන්ට කළ හැකි දෙයක් නොමැති කරමිනුයි.

2015 වසරේ සිට මාස හයක පමණ කාලයක් ඇයට ලබාදුන් ඒ අරුම පුදුම මාරුවීම මැද ඇය සටන් කොට යළි ගම්පහට ආවේ සටන අවසන් නැති බව තහවුරු කරමිනුයි.

මේ හමුවේ පරාද වූ නිලධාරීන් දැන් ඇයව පන්නා දැමීම සඳහා ගම්පහ දේශපාලන බලධාරීන් සමග දැඩි සටනක යෙදෙන බවයි වාර්තා වන්නේ.

ඔවුන්ට මේ වනවිට කිසිවක් කිරීමට නොහැකිව ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තීරණ ඔවුන්ට දැඩිව බලපෑ හැකි බවට වාර්තා වීම නිසා බවයි පැවසෙන්නේ.

 

ආන්දෝලනාත්මක මීගමුව කඩොලානට යාබදව සංචාරක නිකේතනයක් – පිට්ටනියට බෑ..සමාගමට පුළුවන් !

 

මීගමුවේ අභීත නිලධාරිනියට එරෙහි පරීක්ෂණ – අලුත් ආණ්ඩුවත් පරණ පාරේම !

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *