දිස්ත්‍රික්ක 10ක කොවිඩ් දෛනික ආසාදිතයින් 100 ඉක්මවයි

දිවයිනේ දිස්ත්‍රික්ක 10ක දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (12) දිනයේ 100 ඉක්මවා ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

කොළඹ, ගම්පහ, කළුතර, මාතර, කුරුණෑගල, ගාල්ල, බදුල්ල,මහනුවර,පුත්තලම,මාතලේ යන දිස්ත්‍රික්කවලින් ඊයේ ආසාදිතයින් සියය ඉක්මවු සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවඑම මධ්‍යස්ථානය පැවසුවේය.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාක් වන ආසාදිතයින් 413 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ.

කොළඹ වැඩිම ආසාදිතයින් පිරිසක් පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. ඒ ආසාදිතයින් 146ක් ලෙසය.

මීට අමතරව නාරාහේන්පිට 24ක්, දෙමටගොඩ 10ක්, මට්ටක්කුලිය 11ක්, අවිස්සාවේල්ල 15ක්, බොරලැස්ගමුව 13ක්, කොටහේන 11ක්, කොට්ටාව 13ක්, ගල්කිස්ස 16ක්, මුල්ලේරියාව 13ක්, නවගමුව 14ක්, පාදුක්ක 10ක් හා තලංගම ආසාදිතයින් 19ක් වාර්තා වී තිබේ.

කළුතර දිස්ත්‍රික්කයෙන් 370ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 332ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 140ක්, කුරුණැගල දිස්ත්‍රික්කයෙන් 136ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් 132ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 126ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 123ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 119ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් 107ක් ලෙස ඊයේ ආසාදිතයින් වාර්තා වී ඇති බව සඳහන් වේ.

එමෙන්ම දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් ද ආසාදිතයින් සැළකිය යුතු සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *