‘ලංකාවේ කොරෝනා රෝගීන් සිටිය හැකි උපරිමය 50,000 ක් ‘ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

කොරෝනා වෛරසය ආසාදනය වූවන් මෙරට තුල උපරිම වශයෙන් සිටිය හැක්කේ 50,000 ක පමණ පිරිසක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කියා සිටියේ සංචරණය උපරිම වශයෙන් සීමා කර ඇති නිසා දැනට නිරෝධායන යෙදෙන පිරිස් 22,000ක පමණ පිරිස සමග සම්බන්ධතා පවත්වා ඇති පිරිස අනුව එම පිරිස උපරිමය 50,000 ක් පමණ වනු ඇති බවයි.

ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාදිත යයි සැක සිතිය හැකි උපරිම ප‍්‍රමාණය පනස්දහසක් වනු ඇතැයිද ඔහු කියා සිටියා.

මෙම තත්වය ජනතාව නිසි ලෙස තේරුම් ගෙන කටයුතු කලහොත් අවදානම අඩු කරගෙන සාර්ථකත්වයට පත් විය හැකි බවත් ඔහු පුද්ගලික නාළිකාවක වැඩසටහනකට එක් වෙමින් සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *