පළාත් සභා මැතිවරණයට නිශ්චිත දිනයක් නැහැ

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මැතිවරණය ක්‍රමය වෙනස් කල යුතු බව ඇමති ඩලස් අලහප්පෙරුම පැවසුවේය.

එය ජනාධිපතිගේ සෞභාගය දැක්ම ප්‍රතිපත්තියේද සඳහන් වන මුලික කරුණක් බව ද අමාත්‍යවරයා කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවට එකතු වෙමින් පැවසුවේය.
ඒ අනුව මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ගැන අවධානය යොමු වී ඇති බවත් ඊට යම්කිසි කාලයක් ගතවන බවද අමාත්‍යවරයා පැවසුවේය. තව ද මැතිවරණය ක්‍රමය සමානුපාතික ජන්ද ක්‍රමය රැකගෙන මැතිවරණය ක්‍රමය සංශෝධනය කර සිදුකල යුතු බවත් එහිදී ජන්දේ පවත්වන කාලයක් ගැන නිශ්ශිචව කිව නොහැකි බව ද අමාත්‍යවරයා පැවසුවේය. එමෙන්ම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට කාලයක් යන බව ද ඔහු පෙන්වා දුන්නේය

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *