සීනි 200ට නඟී – ඩොලර් නැති නිසා සීනි ගෙන්න විදියක් නැහැ

ආනයනය සඳහා අවසර පැවතුණ ද රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් සීනි ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි සීනි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එවන් පසුබිමක් තුළ වෙළපොළේ දින කිහිපයක සිට සීනි හිඟයක් නිර්මාණය වී ඇත. ඒ අනුව සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 200කට ආසන්න මිලකට ද ප්‍රදේශ වල විවිධ මිල ගණන් යටතේ අලෙවි වේ.

කෙසේවෙතත් මෙරටට අවශ්‍ය සීනි ප්‍රමාණය ගෙන්වා ගැනීමට අදාළව අද සහ හෙට දිනවල ආනයනකරුවන් සමඟ සාකච්ඡා පවත්වන බව ද පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *