ගිනිගත් නැවේ ගින්න නිවන්න උවමනාවක් තිබී නෑ – රහස් පොලිසියටත් උදවු නොකරමින් කළ දේ මෙන්න

ගිනිගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ , කපිතාන් ඇතුළු නැවේ කාර්ය මණ්ඩලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන විමර්ශනවලටද කිසිදු සහායක් නොදක්වා ඇති බවටයි අධිකරණයට කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් ඊයේ (17) සඳහන් කළේ.

සැප්තැම්බර් 03 වනදා නැව ගිනි ගැනීමට ලක්වූ අතර, එහිදී විධිමත් ලෙස සන්නිවේදන ක්‍රියාවලියක්ද ක්‍රියාත්මක සිදු කර නොමැති බවටයි සිදුකළ පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ අදාළ නැවේ කපිතාන්වරයා ගින්න නිවීම සදහා කිසිදු විධිමත් උත්සහයක් දරා නොමැති බවටයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *