තිලිණ ගමගේ ගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අනිවාර්ය නිවාඩු යවා සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල් දිසානායක නැමැත්තා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග අද වරෙන්තු නිකුත් කළා.

ඒ, නීතිවිරෝධී අන්දමින් අලි පැටවෙකු ළඟ තබා ගැනීම ඇතුළු අධි චෝදනා යටතේ පවරා තිබූ නඩුවක් අද විභාගයට ගත් අවස්ථාවේදීයි.

සිතාසි නිකුත් කර තිබියදී අදාළ පොලිස් කොස්තාපල්වරයා ඊයේ රෝහල් ගත කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *