දැවැන්ත මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාතාරගතව සිටින තිළිණි ප්‍රියමාලිව අද (03) බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට හමුවට ඉදිරිපත් කර තිබේ.
ඒ බන්ධනාගාරය තුළදී සැකකාරිය ජංගම දුරකථනයක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
ඒ අනුව අද දින වැලිකඩ බන්ධනාගාරයේ තිළිණි ප්‍රියමාලිව කොළඹ අතිරේක දිසා විනිසුරු ප්‍රමුඛ බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.
එහිදී සැකකාරිය වෙත නඟා ඇති චෝදනාව වැඩිදුර විභාගය සඳහා කොළඹ අතිරේක දිසා විනිසුරු විසින් 2022.11.24 වන දින දක්වා කල් තබන ලදි.