චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා ලකුණු 37කින් ජය ගැනිමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ,ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (03) පැවති තරගයෙන්.
මෙම ජයග්‍රහණයත් සමග ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලිය තුල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලද 100 වන ජයග්‍රහණය වු අතර වෙනත් කිසිදු කණ්ඩායමක් එම කඩ ඉම පසු නොකර තිබිමද විශේෂත්වයක් වනවා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් පිළ සිය පන්දුවාර 20 තුලදි කඩුළු 5ක් දැවී ලකුණු 170ක් රැස් කරන ලද අතර එහිදි සුර්යකුමාර් යාදෙව් ලකුණු 59ක්, කුනාල් පාන්ඩ්‍යා ලකුණු 42ක් හා හර්දික් පාන්ඩ්‍යා පන්දු 8ක් තුලදී වේගවත් ලකුණු 25ක් රැස් කළා.
මුම්බායි ඉන්දියන්ස් පිලේ අවසන් පන්දු ඕවර දෙක තුලදි හර්දික් පාන්ඩ්‍යා සහ කේරාන් පොලාර්ඩ් එක්ව චෙන්නායි පන්දු යවන්නන් ගෙන් ලකුණු 45ක් රැස් කර ගැනිමට සමත්විම විශේෂත්වයක්.
ලකුණු 171ක ඉලක්කයක් හඹා යාමට පැමිණි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට සිය පන්දු ඕවර 20 අවසානයේදි ලබා ගත හැකි වුයේ ලකුණු 133ක් පමණයි.
මෙහිදි චෙන්නායි පිතිකරුවන්ව මනා පාළනයකට නතුකර ගත් ලසිත් මාලිංග සහ හර්දික් පාන්ඩ්‍යා ගේ පන්දු යැවිම හේතුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සුවිශේෂි තරග ජයග්‍රහණයක් සැමරිමට අවස්ථාව උදාවිය.
ඊයේ තරගයේදි මාලිංග ලකුණු 34 ට කඩුළු 3ක් හා හර්දික් පාන්ඩ්‍යා ලකුණු 20කට කඩුළු 3ක් ද දවා ගැනිමට සමත් විය.